දැන් නිවාඩු කාලෙ හින්දා නෑ ඉස්කෝලේ ගීතය

 

දැන් නිවාඩු කාලෙ හින්දා

නෑ ඉස්කෝලේ

හායි හායි ආපි ඔන්න

සෙල්ලම් කාලේ

 

මං පලවෙනි  ආවා කියලා

අම්මට හරි ආස හිතිලා

දෙනවා කිව්වා තෑගි ගෙනල්ලා හා හා හා

දෙනවා කිව්වා තෑගි ගෙනල්ලා

 

දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ//

 

තාත්තා මට ආදරේලු

ආච්චී මට හාදු දේලු,

අක්කා දේවී ඇඳුම් මසාලා හා හා හා

අක්කා දේවී ඇඳුම් මසාලා

 

කෝච්චියෙන් ගමට යනවා

කිරීයි පැණී කාලා එනවා//

පදින්න පුළුවනි ඔන්චිල්ලා හා හා හා

පදින්න පුළුවනි ඔන්චිල්ලා

 

 දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ//